Tamil-Sri LankaEnglish (United Kingdom)
  • ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
  • ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
  • ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
  • ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
  • ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
  • ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය

නැවුම් පුවත්

පුවත්


ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන - 2016

 

ගොවි සතිය වැඩසටහන (බදුල්ල, මොණරාගල)

            ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් 2016 - ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නිමිති කොටගෙන පවත්වනු ලබන ගොවි සතිය වැඩසටහන 2016.10.08 දින සිට 2016.10.15 දින දක්වා බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල පැවැත්විමට නියමිතයි.

 

             මේ සඳහා ප්‍රාදේශීය දේශපාලන නායකයින්, කෘෂිකර්ම හා ගොවි ජනසේවා අධ්‍යක්ෂවරුන් ප්‍රධානත්වය දරන අතර, මීට, දැනුවත් කිරීමේ වැඩසටහන්, පළතුරු පැල බෙදා දීම, බීජ අර්තාපල් බෙදා දීම, මහියංගණය හෙළ බොජුන් හළ විවෘත කිරීම, සම්පත් බෙදාදීමේ උත්සවය, පෝෂණය හා ආහාර සුරක්ෂිතතාවය, පසු අස්වනු ප්‍රදර්ශනය, දන්සැලක් පැවැත්වීම හා ආශීර්වාද බෝධි පූජාවක් හා සෙත් පිරිත් දේශනාවක් පැවැත්වීම ආදී කටයුතු රාශියක් සංවිධානය කර ඇත. 

දිනය

වැඩසටහන

පැවැත්වෙන ස්ථානය

වේලාව

වගකීම

බදුල්ල

මොණරාගල

බදුල්ල

මොණරාගල

2016.10.08

දැනුවත් කිරීමේ සමාරම්භක වැඩසටහන හා සෙත් පිරිත් දේශනාව

සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය - බිඳුණුවැව

නි. කෘ. අ. කාර්යාලය - මොණරාගල

පෙ.ව. 9.00

නි. කෘ. අධ්‍යක්ෂ - බඳුණුවැව,

කලාපභාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්

වැඩ බලන නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

2016.10.09

ගෙවතු අලංකරණ ගම්මානවල ගෙවිලියන් දැනුවත් කිරීම හා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම

වැලිමඩ - බොරලන්ද

බ/වෙල - දියතලාව

බදුල්ල - රිදීපාන

මහියංගනය - මහියංගනය

මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන 18ක

පෙ.ව. 9.00

කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්, කලාපයේ කෘෂිකර්ම උපදේශකවරුන්

කලාපයේ සහකාර අධ්‍යක්ෂ

2016.10.10

සංකේතාත්මකව ගෙවතු සඳහා පලතුරු පැල බෙදාදීම හා දැනුවත් කිරීම

බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන 31ක

මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන 18ක

පෙ.ව. 9.00

කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්, කලාපයේ කෘෂිකර්ම උපදේශකවරුන්, ව්‍යාපෘති භාර නිළධාරීන් හා ගො.සේ. ප්‍රාදේශීය නිළධාරීන්

ගොවිජනසේවා මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන්

2016.10.11

පලතුරු ගම්මාන වැඩසටහන යටතේ පලතුරු පැල බෙදාදීම

කොටවර, දඹාන, ඹරුබැදිවැව, බෙලිගල්ල

මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන 18ක

පෙ.ව. 9.00

කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්, කලාපයේ කෘෂිකර්ම උපදේශකවරුන්, ව්‍යාපෘති භාර නිළධාරී

ගොවිජනසේවා මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන්

බීජ අර්තාපල් බෙදාදීම

පස්සර

මැදගම - මෑල්ලගම වසම

පෙ.ව. 9.00

කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, කලාපයේ කෘෂිකර්ම උපදේශකවරුන්, ව්‍යාපෘති භාර නිළධාරී

ගොවිජනසේවා මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන්

2016.10.12

හෙල බොජුන්හල විවෘත කිරීම

මහියංගනය

පෙ.ව. 9.00

මහියංගන කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, කලාපයේ කෘෂිකර්ම උපදේශකවරුන්, ව්‍යාපෘති භාර නිළධාරී

වැඩ බලන නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

2016.10.13

සම්පත් බෙදාදීමේ උත්සවය

අඹගස්දෝව ගොවිජනසේවා මධ්‍යස්ථානයේ රැද්වීම් ශාලාව, බදුල්ල, බ/වෙල, මහියංගනය, සහකාර කෘෂිකර්ම කලාපවල

මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන 18ක

පෙ.ව. 9.00

කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, කලාපයේ කෘෂිකර්ම උපදේශකවරුන්

ගොවිජනසේවා මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන්

2016.10.14

පෝෂණය හා ආහාර සුරක්ෂිතතාවය, පසුඅස්වනු ප්‍රදර්ශනය

බදුල්ල නගරය

බුත්තල නගරය

පෙ.ව. 9.00

බදුල්ල කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, කලාපයේ කෘෂිකර්ම උපදේශකවරුන්, ව්‍යාපෘති භාර නිළධාරී

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ - වැල්ලවාය

2016.10.15

දන්සැලක් පැවැත්වීම, ආශීර්වාදාත්මක බෝධිපූජා වැඩසටහන

බදුල්ල

කලාප මට්ටමෙන්

පෙ.ව. 9.00

කලාප සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්

 

කාබනික වී වගාව ප්‍රචලිත කිරිමේ වැඩසටහන

කාබනික වී වගාවේ අස්වනු නෙලීමේ මහෝත්සවය - 2016.08.01 වන දින

රජයේ බීජ ගොවිපල හා පුහුණු මධ්‍යස්ථානය - ඔක්කම්පිටිය.

             අතිගරු ජනාධිපතිතුමන්ගේ ආහාර නිෂ්පාදන හා සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමේ උදාර සංකල්පය අනුව ගරු ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යතුමාගේ උපදෙස් අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමාගේත්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමාගේත් මඟපෙන්විම මත ඔක්කම්පිටිය රජයේ බීජ ගොවිපලේ 2016 යල කන්නයේදී අක්කර එකක (01ක) බිම් ප්‍රමාණයක් තුළ කාබනික පොහොර සහ කාබනික දියර පොහොර තුළින්ම පමණක් පෝෂණය කරමින් නව වැඩි දියුණු කළ වී වර්ගයක් වන බීජී 94/1 වී වර්ගය යොදා ගෙන කාබනික වී වගා වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. 2016.04.11 වන දින පේළියට බීජ ඇට යොදා වගාව පිහිටුවන ලදි. මෙහිදී කිසිම රසායනික පොහොර, රසායනික කෘමිනාශ, රසායනික දිලීර නාශක යන කිසිවක් භාවිතා නොකල අතර, වාරි ජලය මඟින් හෝ මෙම ලියද්දට රසායනික ද්‍රව්‍ය යෙදිමට කටයුතු කර නැත.

 

 

 

            2016.08.01 වන දිනට යෙදුණු මෙම වගාවේ අස්වනු නෙලීමේ උත්සවය සඳහා ආරාධිත අමුත්තන් ලෙස වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ගරු සුමේධා ජී.ජයසේන මැතිතුමිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, දකුණු පළාත් ආණ්ඩුකාරවර ගරු හේමකුමාර නානායක්කාර මැතිතුමා, ඌව පළාත් ආණ්ඩුකාර වර අධිනීතීඥ ගරු ඇම්.පී.ජයසිංහ මැතිතුමා, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගරු උපාලි සමරවීර මැතිතුමා, ඌව පළාත් සභා මන්ත්‍රීතුමන්ලාගේ සහ මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමිය, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගි විය.

 

 

 

 

මෙහිදී මෙම කාබනික වී වගාවේ අස්වනු සමීක්ෂණය ගණනය කිරීම සඳහා කාබනික වී වගා ක්ෂේත්‍රය නියෝජනය කරමින් අඩි 16 ½ x16 ½ බිම් ප්‍රමාණ කොටු 03 ක් අස්වනු සමීක්ෂණය සිදු කිරීම සඳහා යොදා ගන්නා ලදි. එහි අස්වනු අනුව සමස්ථ කාබනික වගාවේ අක්කරයට බුසල් 106 ක් ලැබුණි. ඒ සමඟම එම ක්ෂේත්‍රයේම රසායනික වගාවේ ද, අස්වනු සමීක්ෂණය අඩි 16 ½ x16 ½ ප්‍රමාණයේ කොටුවක  සිදු කරන ලදි. එම වගාවේ අක්කරයට බුසල් 136.87 ක් වාර්තා විය.  

 

 


දැක්ම

පෝෂණයෙන් සපිරි සෞභාග්‍යමත් ඌව වෙල්ලස්සක්

මෙහෙවර

“අහසින් වැටෙන සෑම දිය බිඳුවකම අගය සුරැකෙන පරිදි වාරිමාර්ග පද්ධතියක් මඟින් භූමි සම්පතින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන අයුරින් කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර ක්ෂේත්‍රවල ප්‍රශස්ත, කාර්යක්ෂම හා ඵලදායි දායකත්වයක් ලබාදීම තුළින් පළාතේ ජනතාවගේ තිරසාර සමාජ, ආර්ථික සංවර්ධනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය හා සම්බන්ධීකරණය කිරීම” 

 

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
ඔක්තෝබර් 2017
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4